Monday, October 27, 2014

ගිනියම් යකඩයකින් 
ඔහු පසාරු කල මහද 
වේදනාවෙන් ඉකිගසා 
විලාප නගන සද ..
අමා ඔසුවක් වන්
නුබේ වදන් අබියස
බිදෙන් බිද සුවපත්
වන අරුමය
කෙසේනම් පවසම්ද
හදෙහි නැග එන ප්‍රීතිය ...
ඉතින් ඊට පසු
කැලුම් රිදවූ දේදුනුට
නව පණක් දුන් නුබට
තුති පුදා දස දහස් වර
ලියන්නට අවසරයි
පෙම් කවක් තුටු සිතින්
සත් පාට තවරා
අහස් ගැබ පුරාවට ......(දේදුනු සතුටින් )

Sunday, October 26, 2014

හසු නොවන්නට නුබේ නෙතගට
සැගව යන්නම් මා මෙසේ
එයින් යහපත නුබට වේ නම්
නොඑමි යලි කිසිදා කෙසේ ..
දුක් නොවනු මතු
මෙයින් මතුදා
මතකයන් සිහි කර අපේ
බිදුණු සිත් සුවපත්ම වේවා
තිබෙන තුරු මේ ජිවිතේ ..
නුබට පෙම් කල
තරම් ඇගෙ සිත
නුබේ සිතවත්
දන්නෙ නෑ
කෙසේ නම් පැහැදිලි
කරන්නද
අගේ සිතවත් දන්නෙ නැ...

හදවතින් පොඩියක් අසාපන්
ඇගේ ආදරෙ කාටදැයි
නුබේ හදවත ඉකි ගසාවි
ඇගේ ආදරේ නුබටමයි ..

නොලැබෙනා බව දැන දැනත් ඈ
පෙම් කලේ නුබටම නිසා
සසරෙ දවසක පතාපන් ඇය
නුබෙම කර ගන්නට සිතා ..

ගතේ උණුසුම නොලැබුනත් ඇගෙ
සිතේ උණුසුම වටිනවා
එවන් පිවිතුරු සෙනෙහසක් අද
මලානික වී හඩනවා ...

Thursday, October 23, 2014

සිත යන අතකට පාවෙලා 
ඔහේ යන්න දීල 
බලා හිටිය මන්
දින සති මාස ගණන් 
එකම විදියට 
තැලෙමින්,සුවපත් වෙමින් 
හඩන සිත් පොඩියට 
විශ්‍රාම අවැසි බව 
මොරගගා කියන කල 
නොහැක නවතාලන්න 
දෙන්නම් නුබට සදහටම
විශ්‍රාම ..
දැන් ඉතින් සැනසියන්
නුබේ ලෝකය තුල
නිවාඩු පාඩුවේ
පිනක් දහමක් කර ..

Tuesday, October 21, 2014

අවසර ඇතිනම්
හඩන්න මා හට
හෙලන්න කදුලක්
දෑස පියා ..
කරදර නොකරමි
මින් මතු සැමදා
පසෙකට වෙමි මා
නිහඩ වෙලා ...

සියුමැලි කමටයි
අවිහිංසක සිත
දොඩමලු වී
 කරදර කෙරුවේ
නුබටම පමණක්
පෙම් කල හින්දා
නුබව සොයා
නෙත සැරි සැරුවේ ..

නෙතු හැරි විගසම
බොද වූ සිහිනේ
සොදුරු මතකයන්
ඉතිරි උනේ
ඉතින් නොම බදිමි
කවි පද සිත්තම්
හිස් අහසට පා
කර හරිමි ...

Monday, October 20, 2014

නිදා නොනිදන මගේ
නෙත් යුග
නුබේ පිළිරුව සොයන
රෑ යම
මලා නික හද රහස් කොදුරයි
කවුළුවෙන් එන
සීත සුළගට ...

අවැසි මුත් නුබ
සොයා එන්නට
නොහැක වී ඇත
දුවල එන්නට
ඈත දුරු රට
මෙමා තනිකොට
නින්ද එන් නෑ
මගේ අසලට ...

නුබේ ලස්සන
සොදුරු ලෝකය
තව තවත් ලස්සන කරන්නට
සිතට එන සිතිවිලි වසන් කොට
හිතෙනවා මට පැනල යන්නට

අහිමි මුත් සිත නුබ සොයන්නේ
කෙලෙසදෝ මම එය කරන්නේ
නුබේ ලස්සන කැදැල්ලට මා
කෙලෙසදෝ  ගලකින් ගසන්නේ ......

Sunday, October 19, 2014

සුළගේ පාවී ආ 
වරා මලක් 
කටු පදුරක පැටලිලා 
අසලින් පියබා ගිය 
ආගන්තුක කුරුල්ලෙක් 
හිමිට තුඩින් ගෙන
ඈතකට පියබන්නයි සුදානම ..

Saturday, October 18, 2014







එක දවසක් එක මොහොතක 
නුබේ සවනට ලං වෙලා 
හදේ සියුම් තැනක් සොයන්
සොදුරු කවක් අමුණලා ..

හිරුත් සදුත් දිවුරාලා 
නුබේ ආදරෙ පවසලා
මගේ කියා පිදු සෙනෙහේ
උඩු සුළගේ පා කරා ..

සොදුරු හදක් ගෙතු කවි පද
එකින් එකට පැටලිලා
ලෙහා ගන්න බැරි විලසට
ඇත පබගාලක් වෙලා ..

නුබේ නමට හෙලු කදුළු
මුතු පටකට අමුණලා
නුබට එවමි සමනලයකු අත
පරිස්සමට අසුරලා ..

කදුළු මාලෙ පරිස්සමට
ඇගේ ගෙලේ පලදලා
තලා දැමු මහද එවන්
ඉදි කටුවක අමුණලා ...
ඇසිල්ලෙන් ලද
නිමේෂයක 
නතර වුන සිත
මුදා ගන්නට 
සිතිවිලි සමග
පොර දින සද
හඩා වැටෙන
සිතට මින්පසු
කොහේ කොතැනක
තැනේවිද
අදුරු ලෝකයක් ..(.සිතිවිල්ල..දේදුනු පෙරේරා )

Sunday, October 12, 2014

මහුදු හතකින් ඈත දුර සිට
දුකින් හඩනා මෙවන් සිතකට
නුබේ ආදර වදන් මුසු කොට
පිබිදුවේ කීම මගේ කවි සිත...

පාළුවෙන් පිරි මගේ හදමල
නිදා නොනිදන මගේ නෙතු යුග
දයාබර වූ නුබේ වදන් තුල
දොඩ මලු වෙනා රග බලන් සද ..

දසත සිතිවිලි පොර බදින කල
මහා බියකින් වෙලෙයි සිත් මල
ඉඩොරයෙ දිය බිදක් වූ නුබ
ඉරි තැලුන මේ පොලව මතුපිට
මා අසරකොට සැගව යාවිද ...

නුබට වදයක් නම් මගේ සිත
හිමි හිමින් නුබ එපා යන්නට
මා දමා යන්නටත් පෙර නුබ
යමි මෙමා නොපෙනෙනා දුරකට ....
අතීතයේ එක් දවසක
ඒ ආදර කතන්දරේ
මුණු පොතේ හැම පිටුවෙම
ගොඩක් දග කරා ...
පිටෙන් පිටුව රස කර කර
ඒ කතාව ලියන කලට
රාක්සියෙක් එය උදුරන්
කතා පොතේ පිටු සේරම
ඉරා විසි කරා ...
මගෙ පන වී සිටි ඔහු හා
ඇය සතුටින් ඔහු සමගින්
මුණු පොතේ හිනැහෙන කල
කාටත් රහසින් සැගවී
හිමිහිට ඇඩුවා ...මම හිමිහිට හැඩුවා ....
හරි පුදුමයි මට පුදුමයි
ඔහුට මාව මතක් වෙලා
දුර කථනයේ මගෙ අංකය
හසු වී තිබුනා ..
ඉතින් මෙමට සමා වෙයන්
නුබ ඇය හා සතුටු වෙයන්
අහිතක් නෑ කිසිම දිනෙක
මතු මතුවත් සිනා වෙයන් ...

Thursday, October 9, 2014

ඔබට අවැසි නම්
මා මග හරුමට
කරදර නොකරමි
මින් මතු ඔබ හට ..
නුබේ සොදුරු ලොව
ඇති එක වස්තුව
රැකගෙන සැමදා
සිනහ වෙයන් නුබ ..
සොදුරු මතකයන්
සිත තුල ගුලි කොට
නෙතේ කදුළු කැට
සගවා හිමිහිට
නුබේ ලොවට හෙට
හිරු පායන්නට
සමු ගෙන යමි මම
නොපෙනෙන දුරකට ,,,

Wednesday, October 8, 2014

වහින විට මහ වැස්ස
මට හිතයි තෙමෙන්නට
ලෝකයට හොරෙන්
       මම
 හෙලන මේ
කදුළු කැට
මහ වැස්සට මැදිව
කාටවත් බය නැතිව
ඒ වැස්සෙ තෙමිගෙන
හැකිය මට හඩන්නට...
ජිවිතේ අත්වැල් බැදන් 
යන්න හිතුවෙ
නුබත් එක්ක 
ඉතින් නුබත් 
නොමැති කල 
කියාපන් මට
ජිවත් වෙම්ද
නොවෙම්ද කියා ...

Saturday, October 4, 2014

                              නොමියෙන කදුල 
                               *(8 වෙනි කොටස)*

      පුජනී චාරුගෙ අතින් තද කරල අල්ලගෙන පංතිය ඇතුල් උනා.වෙනද වගේමයි කිසිම වෙනසක් වෙලා නැ. ගුරුතුමාට ආචාර කරමින් සියලු දෙනාම තමන්ට හිමි අසුන් වල අසුන් ගත්ත.ඒ අතර තුර සර් තමන්ගේ දෙස කීප සැරයක් ඉතා ඕන කමින් බලනවා පුජනී වගේම චරුනිත් දැක්ක
චාරුණි හිමිට පුජනිට ලං උනා .
පුජ උබ ගණන් ගන්නෙපා නොදැක්ක වගේ ඉන්න හරිද කෝලන් ...
හ්ම්ම්ම් ........පුජනී හ්ම් මිටි තිබ්බ ...
මොකද යාළුවො දෙන්නගෙ කසු කුසුව...
  එහෙම කියාගෙන සර් අසුනෙන් නැගිටලා තමන්ගෙ දෙසට පැමිණෙනවා දුටුව යාළුවො දෙන්න ගොඩක් කලබල උනා.නමුත් ඒ බවක් නොපෙන්වා ඉන්න දෙන්නම උත්සහ කරා ..
කොහොමද පුජනී දිග නිවාඩුවක් ගත්ත නේද ...?
ඒක තමයි සර් මමත් කිවුවේ අපිට කොහෙඳ එහෙම වාසනාවක් ..
  සර්ගේ ප්‍රශ්නෙට උත්තර ලැබුනෙ චරුනිගෙන් හැමෝටම හිනා ගියා ..
ඉන් එහාට සර් තවත් ප්‍රශ්න අහන්න ගියේ නැ.අසුනට පැමිණ සංගීත පාඩම් පටන් ගත්ත.පුජනිට මග හැරුන පාඩම් මතක් කරමින් වෙනද වගේම සාමාන්‍ය ලෙස එම හෝරාවත් ගෙවී යමින් තිබුන.ඒ අතර තුර කීප සැරයක්ම පුජනී අසලට පැමිණි සර් අපහසු තැන් කීපයක් පුජනිට කියා දුන්න.චාරුනිත් තමන්ගෙ යාළුවට උදවු කරා ඒ හැම අවස්ථාවේම .මේ වෙනවිට කවුරුවත් නොදැක්ක එකම දෙයක් සුනිල් සර් විතරක් දැකල මොකක්ද මේ සිදුන දේ.හිතාගන්න පුලුවන්ද මේ මොකක්ද කියල හ්ම්ම්
ආකාශ්..හ්ම් ..ආකාශ් මේ වෙනකොට මේ පංති කාමර අසලින් දෙතුන් සැරයක් එහෙට මෙහෙට යනව සර් මේ වෙනකොට දැකල තිබුන.තුන් වෙනි වතාවටත් ආකාශ් පංතිය අසලට ලං වෙනකොටම ..
මේ ...ළමය මෙහෙට එනවද පොඩ්ඩක් ..
ළමයි හැමෝම එතකොටයි පිටුපස හැරිල බැලුවේ කාටද සර් මේ කතා කරේ කියල.පුජනිගේ ඇග හිරි වැටිලා ගියා එක පාරටම..චරුනිගේ ඇස් උඩ ගිහින් තිබුන මේ මොකද වෙන්නෙ කියල.කාටවත් හිතා ගන්න බැරි උනා ඇත්තටම.ආකාශ් මුණ කළු කරගෙන පංතිය ඇතුලට ගොඩ උනා 
මොකක්ද වෙන්න යන්නේ හිතාගන්න බැරිව ඇති.එත් හිතන්නම වෙනව
ඔයාලට පොඩ්ඩක් හිතන්න දීල මම දැන් යනව.කොහොම උනත් ජිවිතේ සුන්දරයි එහෙම නේද .?ඉතින් මම දැන් යනව ඊලග කොටසින් ඔයාල හමුවට එනතුරු සතුටින් හිනාවෙලා ඉන්න ... 

එකම විලසට
ලියු කවි පද
ලියා ගන්නට නොහැකි
වී ගොස්
මුළු හදවතම 
පාලු සොහොනකි
මගේ මලගම්
කවිය ලියනා ...
දසත අදුරුයි
සිතට බිය දෙයි
හෙන හඩට මා
සවන් බිහිරි .
අදුරු කුටියේ
බියෙන් ගුලි වී
හඩන මා රුව
ඔහුට නොපෙනෙයි .....(දේදුනු පෙරේරා )

Friday, October 3, 2014

වැහි වැටුන රෑ
යමේ සීතලේ
හෙලු කදුළු
වියලේද මැදියමේ
හිරු කුමරු
පිබිදෙද්දී අලුයමේ
සිනා කැන් පිබිදේද
පෙර ලෙසේ ...

Thursday, October 2, 2014


නුබ වෙනුවෙන්..මසිතේ 
ආදරේ පුරෝගෙන 
පොතක් පිරෙන්නට 
ලියපු ඒ ආදර හැගුමන් 
පුංචි මේසයේ කෙලවටම 
වෙලා
හරිම දුකින් ,,බලාගෙන ඉන්නවා
මගේ දිහාම
කිසිම දෙයක් දන්නෙ නෑ වගේ ..............(දේදුනු පෙරේරා )