Thursday, December 11, 2014

පවන් රැල්
ගත දැවටිලා 
සුසුම් වැල්
සිත වේලිලා 
එකම තනුවක
වැයෙන ගීතේ
නුබේ මතකේ රැදිලා..

නෙතු යුගල
ඉකි බිදිවී
හද මඩල
ගිනි ගනීවී
අපේ නටබුන්
හීන අතරේ
මගේ චිතකය දැවේවී.....(සෙනුරි )

Monday, December 8, 2014

මම...
මම ඇහුව උබෙන් 
ආදරෙයි නේද මට 
ගොඩක් ...
උබ...
ඔවු රත්තරන්
ගොඩාරියක් ...
මම..
එහෙනම් මට
මොනවද දෙන්නේ ...
උබ ..
මොනවද රත්තරන්
ඔයාට ඕනි ..
මම ...
ඔයාගේ ස්කයිප්
එකේ පාස්වර්ඩ් එක
උබ ....
අපෝ සුදු ඒක නම්
දෙන්න බැ..
එකනේ මගේ පණ...(සෙනුරි )

Saturday, December 6, 2014

කඳුළ ඉතිං ළඟට එන්න
සිතේ දුකට මට හඬන්න
සුසුම් එපා ඈත් වෙන්න
සිතේ බරට සුසුම්ලන්න
සිනා පොකුරු නෑ මුවගට
ඈතට ගොස් සැඟවගන්න
නුඹත් එපා ළඟට එන්න
තනියම මට ඉන්න දෙන්න....(සෙනුරි )

Friday, December 5, 2014

නෙතේ කදුලද ඔබ
සිතේ සුසුමද ඔබ
හදින ගත් දින සිට
දුකේ පදවැල් නුබ ...
මගේ අසරණ සිත
නුබට පෙම් බැන්දට
නොදැනෙනා හදකට
අරුත වැටහේවිද..
සිතේ මෝරන දුක
නෙතේ නලියන විට
ලියු මලගම් පොත
දිග හැරෙයි හිමිහිට....(සෙනුරි )
සිනහ දෝතක් තිලිණ කර
කදුළු ගංගාවක අතරමන් 
කරනා මිනිසුන් අතර 
දෝලනය වන ජීවිතය 
එකම එක තැනකට 
හිමි හිමින් ගෙන
පසක් කරනට වෙර
දරන්නෙමි
අනිත්‍යය මේ
දිවිය තුල රැදී......(සෙනුරි )

Thursday, December 4, 2014

පාළු දැනෙනා
සැදෑ යාමෙක
හුදෙකලාවූ එක
නිමේෂෙක
ගතින් ලග නැති
නුබේ උණුසුම
සිතින් විද ගමි
නෙතු පියාගෙන...
අහම්බෙන් මා
සිත සොරාගත්
නුබේ වදනින්
උනා සුවපත්
කප්පරක් වන්
පැතුම් ගෙත්තන්
සිතක් සනසා
මවයි මනරම් ...
අරුත නොදකින
නමුදු සෙනෙහේ
නුබෙන් තොර හෙට
දිනක් නෑනේ
කොහේ සිට මා
කොයිබ ගිය මුත්
නුබයි ජිවය
මහද අරණේ .....(සෙනුරි )

Monday, December 1, 2014

රෝස කුසුමක
රැදී සුවද පොද
සුළං කෝඩේට
හසු වෙනා සද
එකින් එක පෙති
සෙමින් ගිලිහී
නටුව අත හැර
පොලොව සිපගෙන.....
එදා හද රැදී
නුබේ මතකය
සිතට සරදම්
කරන යුරු දැක
හීන පොකුරෙන්
මිදෙනු අවැසිව
තේමා ගත්තෙමි
මගේ නෙත් යුග....
මා නොමැති ලොව
දුකක් නැති නම්
නුබේ ලෝකය
එකලු වේනම්
මමද නොහඩමි
මගේ සකි සද
මෙයින් මතුවට
මගේ ලොව තුල....(සෙනුරි )

Sunday, November 30, 2014


ඉර අවරට ගොස් 
කළුවර වැටිලා 
ගන් ඉවුරේ මා 
තනි වූ මොහොතේ 
එගොඩ කරන්නට 
ගන් තෙර එපිටට
කවුරුන් ඒවිද
පිහිටට මා හට
බියක් දැනේ සිත
තනි වූ සිත යට
කොහෙද ගියේ නුබ
එනු මැන මා වෙත..(සෙනුරි )

Friday, November 28, 2014

දේදුන්නේ පාට පිරුණු 
ලස්සන පුංචි සමනලිගේ
රෝස පාටින් ලියවුනු 
රෝස දෙතොලින් හැඩ වුනු 
පුංචි කවි ගී දස දහසක්
ඉකි බිදිනවා උහුලන්න
බැරි දුකකින්
අදුරු කුටිය තුල
තනියම .. (සෙනුරි )

Thursday, November 27, 2014

නිමේෂයකින් හද
සොරාගෙන
රැගෙන ගිය දින
නුබේ ලෝකෙට
දිනෙක මතුදා 
නුබත් සමගින්
කූඩු වෙන්නට
පෙරුම් පිරුවා ...
තැනු මන්දිර
කඩා සුන්කොට
සැග වෙනා කල
නුබේ සිත් මල
මගේ සතුටද
සැනසුමද නුබ
සොරා ගෙන ගියෙ
කීම කියනු මැන...
නුබට හැකිනම්
එලෙස කරනට
අසරණිය මා
කුමක් කරමිද
නුබේ සතුටද
මගෙම කරගෙන
මම හැරෙන්නම්
සදා සමුගෙන...(සෙනුරි )

Wednesday, November 26, 2014

සංසාරෙ පුරාවට
එකට බැදෙමුය සිතා
එකට ආ මාවතේ
දෙපසකට බෙදිලා
උනුන් පරයා නොයන 
උඩගු කම මතුවෙලා
හදවතේ නැගුනු පෙම
දුකින් විරසක වෙලා ...
සැනසෙන්න සිතුවමුත්
නුබේ තුරුලෙ පෙර දිනේ
නුබ නොමැත යලි එන්නෙ
දුකින් සිත කියන්නේ
නුබ නමට බැදුණු ගී
කෙලෙසදෝ ගයන්නේ
තනුව නැති ගීතයේ
මලබෙරය වැයෙන්නේ....
නුබේ දිවියේ සතුට
නිරතුරුව රදවගෙන
මගේ කදුළේ රසය
මා ලයේ හොවගෙන
සමු ගැනෙන නිමේෂය
මතකයට නොම එන්න
නුබේ සිත අරගන්න
මට මගේ සිත දෙන්න.....(සෙනුරි )
හිනාවෙයන් දැන් ඉතිං
අඩ අඩා ඉනාවෙයන්
උබේ හිත හදන්න 
ආදරයක් නැ කියල 
නාඩා ඉදින් 
උබේ හිත රිද්දපු 
උන් අද ගොඩක් 
සතුටින් කියල හිතල 
හිනා වෙයන් උබ 
මහා හයියෙන් 
හිනා වෙයන් 
ඔය හිනාවේ හඩ
ඇහෙන වාරයක් පාසා 
උන් අඩයි උබ 
අඩෙවුවට වඩා 
උන් අඩයි .....(සෙනුරි )

Tuesday, November 25, 2014

මම උබට ආදරේ කලේ 
හිස්තැන පුරව ගන්න නෙමෙයි 
ඒක මුළු හදවතින්ම 
උබට දුන්නු අවංක 
පිවිතුරු ආදරයක්.. .
අනේ එත් උබේ ආදරේ
වැඩපලේ ඉන්ටර් නෙට්
නැති වුනොත් ඒ ආදරේට
දෙවියන්ගෙම පිහිටයි..
මගේ ඉන්ටර්නෙට් නැතිව
මන් අතුරුදහන් උනොත්
උබේ දුරකථනයෙන්
මන් මැරුණද කියලවත්
අහන්න sms එකක්
අඩු තරමින් මිස්
කෝල් එකක් උබේ
ඔය දුරකථනයෙන්
බලා පොරොත්තු වෙන්න
බැරි උබේ ආදරේ
අහස තරම්...
අනේ ඉතිං තවත්
මොකටද අටුවා ටීකා
උබෙයි මගෙයි
ඉනර්නෙට් ආදරේට
මට නම් වැඩක් නෑ ඒක
පරිස්සමට තියා ගනින්
වැඩක් වේවි කාට හරි
කෙහෙල්මල් ඉන්ටර්නෙට්
ආදරේ උබේ .. . (සෙනුරි )

Monday, November 24, 2014

හදවතෙහි ඉපදී 
සතුට දුක මැද
දෝලනය වෙමින් 
බඩ ගගා දන ගගා 
වැටි වැටි නැගිටමින් 
ළමා විය තරුණ විය
හිමි හිමින් පසු කරමින්
වියපත් වූ කල
නෙතු කෙලවරින්
ලොවට බිහිවූ
අපුරුම පුදුම රුව
නුබමය කදුල ...(සෙනුරි )

Sunday, November 23, 2014

ආදරේ නාමයෙන් 
පුදකළ සෙනෙහසේ 
නාමයෙන් 
දිවුරා කියමි මා 
ඉරෙන් හදෙන් නොව 
මා මගේ නමින් මෙලෙස
සත්තයි නොඑමි කිසිදින
ඇස ගැටෙන මානයට
ඉටි කදුළු වැගිරෙනා නෙත
දිවුරමි නුබට
සමු ගනිමි නිතින
තුටින් ඉනු මැන සොදින
ප්‍රේමයේ අවසන
දුනිමි අවසන්
පොරොන්දුව මෙදින ....(සෙනුරි )

වැටෙන මේ කදුළු කැට
ලැබෙන්නට පෙර නෙතට
වැටහුනා නම් සිතට
ලන්නොවෙමි මා නුබට
කිසිදාක කිසිම විට ..
නුබේ මුවගේ සිනහව
වැටෙන කදුලින්
සසිත්තම් කර
අදින්නම් හැඩකර
ඇයට හෙට දින
සතුට දෙන්නට...(සෙනුරි )

Saturday, November 22, 2014

**එදා සහ මෙදා වෙනස **
එදා මම ආදරෙන් මම
බලන් හිටියා නුබ එනකම්
පරිඝනකය දිහා පාර
දිහා නෙමෙයි
කොයි මොහොතේ සුද්දී ඔයා
කොයි කියල ඇවිත් මාව හොයනකම්..
ඔයා එන්න පරක්කු උනාම
බය වෙලා මන් ඇඩුව
පුංචි මුවත්තියක් වගේ
ඒ මන් ඔයාට ගොඩක්
ආදරේ කරපු නිසා ...
**මෙදා **
ඔයා මාව හොයනවා
මම විනාඩියක් නිහඩව හිටියත්..
අපි ආදරේ කරපු කාලෙත්
ඔය විදියටම නුබ මාව සෙවුවා නම්
කොයිතරම් සතුටක් දැනේවිද
මේ අසරණ සිත් පොඩියට
දුටුවද නුබ...
ආදරයෙත් මිතුරු කමෙත් වෙනස...
අපි අද යාළුවො ආදරවන්තයෝ නොවන
එනිසයි මම ගොඩක් නිහඩ
නමුත් නුබ දැනුයි මට
ආදරේ කරන්න සුදානම් වෙන්නෙ
ඒකයි මගේ හදවත කියන්නෙ...
ඒකම නොවේද මේ වෙනස..(සෙනුරි )

Friday, November 21, 2014

උබේ වැරදි මගේ පිටින් දාලා 
උබයි යන්න ගියේ 
මන් එපා කියල 
මම කරන්න ඕනි දේ 
උබ කරල පෙන්නුවාම
මට සතුටු හිතුන
මගේ අත නොගිය
බොහෝ දේ උබේ
දෑතින් නුබ එක දවසින්
කරල පෙන්නුව මට
හිත හදා ගන්න බැරිව
මන් ඉකි බින්දේ
හිත ඇතුලෙන්
උබට හිගන්නියෙක් වගේ
ආදරේ කරපු මට
උබ ගැහුවේ හයේ පාරක්
ඒ පහර ගොඩක් සැර වැඩි වෙලා
මාව විසි වෙලා ගිහින්
ගොඩක් දුරකට
ආපහු හැරෙන්න තියා
හිතන්නවත් බැ මට
උබ ආපහු ඇවිදින්
මාව හොයනකොට
මන් එන්න බැරි දුරක
ඇයි උබ හිතුවෙ නැත්තේ
හයේ පහරට පෙර
උබ ගැහුවෙ බෝලෙකට නෙමෙයි
මැණික් ගලකට කියල
දැන් ඉතින් පරාදයි උබ
සදහට. ..(සෙනුරි )

තප්පරයෙන් කප්පරයක්
දුක් ගින්දර සිතට දීල
මහාමේරු පර්වතයම
හිස මුදුනට මුදා හැරල
මම නොසිතපු ගොඩාක් දේ 
මා වෙනුවෙන් නුබත් සිතල
හිමිදිරියෙම නුබ ඇවිදින්
යන්න ගිහින් ටටා කියල ...
නුබද වැරදි මමද වැරදි
නොසිතෙන කල මගේ සිතට
මගේ කදුළු කවි කර කර
ලියා තැබුව පොත් පිරෙන්ට
ඒ කවි ටික බොද කර කර
තවත් කදුළු වැගිරෙනකොට
නුබේ දිනුම නුබට දීලා
සිතුවේ පසෙකට වෙන්නට ..
සිතුවේ මම පසෙකට වී
නුබ හිනැහෙන දෙස බලන්න
නමුත් නුබට මන් එපාලු
ඒ ලෙසවත් නෙත ගැටෙන්න
නුබට එපා නම් මා නෙත
දැක ගන්නට කිසිම විටෙක
යලිදු නොඑමි කවදාවත්
නුබේ නපුරු සිත් අහසට ...(සෙනුරි )

Thursday, November 20, 2014

තනිකම හුරු කල ජිවිතේ 
කදුලැල් පුරවාලා
අන්සතු හදකට පෙම
පෙම් බැන්දේ 
හසරැල් කැන්දාලා 
යාදිනියකගේ ජිවිතේ
හුස්මත් හිර කරලා
පපුවට හුරු කල ආදරේ
යන්න ගියා මැකිලා..(සෙනුරි )

හොදයි කියා ආදරෙන්
නුබ ආදා ජිවිතේට
සිතුවේ නෑ දෙතුන් වරක්
පිළිගත්තා මගේ ලොවට..
සෑම දේම අහිමි වෙද්දී
මගේ අයත් මගෙන් යද්දී
නොගැලපීම් කොතෙක් ඇතත්
නුබත් එක්ක හිටියා මන්..
මගේ දෑත පතන් ආපු
හැම දෙනාම එපා කියල
අන්සතු බව දන දැනමයි
නුබට පෙම් කරේ ..
මා සිතුවේ නුබේ ලොවේ
ඇයත් මාත් පමණක් බව
මගෙ සිතිවිලි බොරු කරමින්
නුබේ ලොවේ තව එකියක් ..
ඉතින් එපා තවත් එපා
මගේ ලොවට නුබත් එපා
නුබට පිදුව මේ හදවත
යලි කිසිදා මටත් එපා ..
මෙන්න ගනින් මගෙ හදවත
දෙන්න දෙයක් නැ වෙන මට
ගලා හැලෙන ලේ බිදු ටික
අලුත් ලොවක් දෙයි නුබ හට ...(සෙනුරි )

Wednesday, November 19, 2014

වැටි වැටි නැගිට නැගිට 
මම ආවෙ ගොඩක් ලොකු 
දුර ගමනක් 
ඇඩුව වැළපුනා 
නොකා නොබී මම හිල්ලුව 
අන්තිමේදී අඩි දහයක්
පයින් යන්න බැරි ගානට
මන් ලෙඩෙක් උනා
තානායම් පලකට
ගිමන් නිවා ගන්න
එනව වගේ එක එක කාලෙට
ආපු දෙතුන් දෙනෙක්
එයාලගෙ විඩාව හැරුනම
හිමිට හද මඩලින් බැහැල
යන්න ගියේ කිසිම දෙයක්
සිද්ද නොවුණු ගානට
දැන් නම් හොදටම ඇති
විඩාබරයි හදවත
අබලන් වෙලා හොදටම
ආයිමත් පිළිසකර කරන්න
බැරි ගානටම
සීතලේ උනත් එලියට බැහැල
එල්ලන්න ඕනි මේ බෝර්ඩ් එක
හැමෝටම දකින්න එළිපිටම
**යලි පිළිසකර කර හෝ
යතා තත්වයට ගත නොහැකි ලෙස
තානායම අබලන්ව ඇත.එබැවින්
සදා කාලයටම තානායම් පල
වසා දැමීමට තීරණය කලෙමි
හිමන් හැර පිටව ගිය ඔබ සැමට
තෙරුවන් සරණයි ..**...(සෙනුරි )

උබල හිතන්නේ මන් 
පිළිමයක් කියලද 
හිතක් පපුවක් නැති 
ඉටි රූපයක් කියලද 
නැ නැ උබලට 
වැරදිලා ගොඩක්
දැන්වත් නවත්තපල්ලකෝ
ඔය කොනිත්තන
පහුරු ගාන එක
උබලගෙ නියපොතු
පහරවල් තුවාල කරල
දනව මුළු ඇගම
හිතක් පපුවක් නැත්තෙ
මටද උබලටද
කියපල්ලකො මේ ගලන
රුධිරය දිහා බලලවත්...(සෙනුරි)

Tuesday, November 18, 2014

අද උබ තඩි බෙන්ස්
කාර් එකකින් ඇවිත්
අපිටම අඩිය බිම
හප්පලා කෑ ගහල
උබේ බලය පෙන්නුවට
මතක් කරල බලාපන්
අද උබ උජාරුවට
නැගල යන
බෙන්ස් කාර් එකෙයි
නහර උලුප්පන් කෑ ගහන
බල පුළුවන් කාර කමෙයි
අයිති කාරයො
අපි වගේ අසරණ
ලෙඩ්ඩු බව
ලෙඩ්ඩු නැතිනම්
උබල කොහොම
සැප ගන්නද
දොස්තර මහත්තයෝ...(සෙනුරි)
මාසෙ අන්තිමට 
ඩොලර් ටික 
අතට අරන් 
කමුලට අත තියාන 
මම හුල්ලනව..
අම්මගෙන් කෝල් එකක්
සුදු දෝනි මට පිංකමක්
මහත්තයට එල්ලෙන්න
වැල් නැතිලු
චුටි දෝනි ගොඩක්
සිහින අතර
මගේ හොදම යාළුවා
ලොකුම ලොකු ප්‍රස්නයක
අරෙහෙන් මෙහෙන්
හැමතැනින් කෝල්
සල්ලි..සල්ලි ..සල්ලි ..
හුස්ම ටික හිර වෙලා
මගේ හිත නැවතිලා
නයටවත් එවාපන්
හුස්ම ටික සොයාලා.... (සෙනුරි )

Monday, November 17, 2014

***තහනම් කදුල***
සිතක රැදුණු දුක
පිට කරලන්නට
කදුළු බිදුවකට 
හැකි වේ සැම විට
ඒ අයිතිය උන්
උදුරා ගත් කල
කෑ මොර ලන සිත
කුමක් කරන්නද..

මහා මෙරක් වන්
දුක් ගිනි වට කොට
මා දවනා කල
කුමක් කරන්නද
මේ දුක් ගින්නෙන්
මිය යන්නට පෙර
මගේ කදුළු කැට
නැවත දියන් මට ..((සෙනුරි )
නුබෙන් රිදුනු සිත
සුවපත් කෙරුමට
නෙතින් ගලා යන
කදුලැල් එක්කොට
නුබේ දිවිය තව 
එලිය කරන්නට
සැගවී යන්නම්
ඈතින් ඈතට....
ආ මග වැරදි
මුලා වුනේ මම
නුබට වද දිදී
නුබ පෙලුවේ මම
සිතිවිලි පැටලී
මනස අවුල් වී
ලොවම එපා කී
පිස්සිය වෙමි මම..
නුබට නොවටිනා
බොල් වුනු සිත් මල
තවත් කෙනෙක් හට
කෙලෙස වටිවිද
අදර දෙවොලේ
පහන නිවුණු කල
මා මිය යන්නම්
දෙවියන් පා මුල ...(සෙනුරි )

Sunday, November 16, 2014

තත්පරෙන් තත්පරේ 
ගෙවී යන මතකයන් 
සිනහ වූ පැය ගණන් 
මා හැඩු දින ගණන් 
සතුට දුක සම නොවුණු 
ජිවිතේ කතා පොත
වසා පසෙකට තබා
පොත් මේසෙ කෙළවරක
නොබලමි සිත සිතා
යලි හැරෙන්නට හදන
ඇසිල්ලෙන් ආ සුළග
පොත් මේසෙ පෙරලමින්
ඒ අමිහිරි පොතම
විසි කරා මා දෙසට...
මගේ පය පා මුලේ
පෙරෙලේනා පිටු අතර
නුබ සිනා සෙනු දුටිමි
ලියු ඒ කවි අතර .....(සෙනුරි )

සිතල හිම කැට වැටෙද්දී
වැඩට යන්න කම්මැලි වී
නිදි දෙවුදුව හැම මොහොතෙම
ලග දැවටෙනවා ..
හැඩ කර කර
කොටට කොටේ
හරි හරියට ඇදපු ඇදුම්
හය මාසෙක නිවාඩුවක්
එපැයි කියනවා ..
ඇස් පුරෝන කදුළු වලින්
වේදනාව ගොඩ ඉවසන්
පය හැඩ කල මගෙ ටැටෝව
බුට්ස් වලින් සගවන්නට
ලෝබ සිතෙනවා ..
සිතල එපා කියනවා...(සෙනුරි )

Friday, November 14, 2014

කතා කරන ඇස් දෙකට 
ඔබ ඇවිදින් කියන රහස 
රස කර කර අහගෙන 
ඉන්නකොට 
රසම රස රහසක් 
වෙලා
හද පත්ලටම නිදන්
වෙන අපුරුව
ඉතින් සැමදා නුබ
රැදෙන් මා ලගටම
තව තවත් ලංවෙලා
හිනැහෙන්න මට
නුබ ලගින් හිද සැමදා..(සෙනුරි )


Thursday, November 13, 2014

උබ බනිනවා මම 
වැරදි කියලා 
ඉතින් අහපන් සිතින් 
ඇයි මන් වැරදි 
කරේ කියලා 
තාමත් මන් දුක්
විදින්නෙ ඇයි කියලා
මගේ කදුළු වලින්
නුබලා සැප විදිනකොට
මන් අඩුවේ නෑ
හිනා වුනා
මන් දුක් විදලයි
උබලට සැප දුන්නේ
එහෙම කරපු මට
ඇයි උබ ඔය තරම්
ගරහන්නෙ හඩවන්නනෙ...(සෙනුරි )

එක එක කාලෙට
එක එක දවසට
එක එක මිනිස්සුන්
ඇවිදින් යනකොට .
සිතේ රැදුණු දුක
දොඩමලු වෙනකොට
වෙඩරු පිඩක් සේ
උන් වුනු වෙනකොට
නෙතේ කදුළු බිදු
උන්ගේම කරගෙන
අතින් අල්ලගෙන
අරගෙන යනකොට
ටිකක් දුරට ගොස්
බරක් දැනෙනකොට
අතර මග දමා
පැනල දුවනකොට..
දුවන මුවන් දැක
නෙලූ පලා මිට
එකින් එක ගැටී
බිමට වැටෙනකොට..
නෙතින් බලාපන්
සිතින් සිතාපන්
උන්ගෙ කූඩුවට
උන් රිංගනකොට....(සෙනුරි )

Wednesday, November 12, 2014

දිනෙන් දින දළුලාන
දුකයි කල කිරීමයි
කිසිදු තේරුමක් නැති
අනවශ්‍ය බැදීමයි
නේක විසිතුරු මවන 
මන් මුලා වූ සිතයි
අතර මා යමි යන්න
මේ සසර හරි දුකයි ...
රනින් රන් සළු එපා
පඩු සිවුර ලස්සනයි
දිගු වරල පලක් නැ
මුඩු ගාපු හිස හොදයි
පෙම් ගීත ගැයූ මුවග
බුදු වදන් පෙළ ගැසෙයි
පෙර කුසල් වල බලෙන්
පැවිදි බිම මට ලැබෙයි..
කදු මුදුනෙ ආරාමේ
සැනසීම ලැබේවා
දැවෙන සිත් සනසන්න
දිරිය මට ලැබේවා
වයිරයක් නොමැති සිත
මෛත්‍රිය වැඩේවා
බුදුන් පය පා මුලදී
නිවන් සුව ලැබේවා....(සෙනුරි )

Tuesday, November 11, 2014

ගතේ හම රැලි වැටි
වතේ කදුලැලි ඇති
සිතේ පෙම නෑ මැකී
හාදුවක් පිබිදෙති ...
නුබ දෑතේ වේලිලා
යා නොහැක මුත් මෙදා
ගතින් දුබලව ඇතත්
සිතුම් අප එක්කලා ..
ගෙවී ගිය ජිවිතේ
එකට ආ මාවතේ
නිමා වන දින ලගයි
නමුදු නුබ මා ලගයි ...(සෙනුරි )
ලස්සන හීනෙක
නුබ ලං වෙන විට
නෙතේ කදුළු ටික
වියලේ හිමිහිට
දෑගිලි පැටලුනු
සිතුම් විමානෙක
.පුංචි හාදුවක්
දෙන්නකො නළලට .
දෑස පියාගෙන
මා හිනැහෙන කොට
නුබට ගොඩක් තව
ලෝබ හිතෙනවද
නුබේ ආදර ලොව
රැජිණිය වෙන්නට
නුබේ විජිතයට
මා ගෙන යනවද...(සෙනුරි )

Monday, November 10, 2014

නුබ පාවෙන කල
ඈතින් ඈතට
වාවනු කෙලෙසද
මගේ සොදුරු සිත
සගවනු නොහැකිව 
සිතෙහි උපන් දුක
නුබව සොයනවා
වැටෙන කදුළු කැට...
මතක මැවෙන විට
නෙත් මායිම වට
දුක නොදනේවිද
නුබේ සිත් අහසට
පසෙකට විසිකොට
අසරණ වූ සිත
නුබ සැග වෙනවද
ලස්සන හීනෙක ..
මගේ සිතට දුන්
හින පොකුරු ටික
හිමින් හිමින් නුබ
අරගෙන යනකොට
පොරකන සිතිවිලි
පේලි ගැහෙනවා
සුදු කොඩි රැදී මග
මලගම් යන්නට .....

Sunday, November 9, 2014

හාදු වලට පෙරේත
කමින් 
සදෙන් ඉල්ලුව
පුංචි හාදුවක් 
එක සැරේට 
දහ සැරයක් දෙන්නම්
සද මුමුනනකොට
ලොකු පිබුරෙක් ඇවිත්
වෙලා ගත්ත නේ
හෙලවෙන්නවත් නොදී
හාදු පෙරේතිව...
සුදෝ සුදු හිම තිරේ
ඔය දෑතේ පැටලිලා
හිමි හිමින් ඇවිදින්න
එනවාද කියන් මට ..
රෝස කම්මුල් පොඩිය
සීතලට හඩන කොට
හාදු වරුසාවකින්
උණුසුමක් දෙනවාද...
පෙර නොකී අරුත්බර
සෙනෙහසේ කතාවක්
මා නමින් ලියන්නට
නුබට පුළුවනි කියා
මගේ සවනට ලංව
ආදරෙන් කියනවද.?
වැටිල ඉන්නකොට 
නුබට අත දීල 
දෙපින් නැගිටින්න 
වාරුවක් දුන් මගේ 
අත පය සතරම 
කපා වෙන්කොට
අබ්බගාතයෙක් කල පින
ඇති නුබට මතු
නිවන් දැක්මට ...

Friday, November 7, 2014

මා හරි උගතා 
මා හරි ජගතා 
සිතනා මිනිහා මෝඩයෙකි..
කොහේ කොතන හෝ 
වරදක් ඇතිනම් 
එය පිළිගන්නා
මතු දිනති ..
කෙදිනක හෝ ජය ගනිති ..
යදම් බැදුනද ගත 
යදම් බැදිය නොහැකිය 
මසිත 
පෑනටම හුරු දෑත
සිතට නැගෙනා සිතුම් 
ලියන්නට නොපැකිලෙයි
කිසි කලත් කිසි විට...
එකින් එක විසිරෙමින් 
සිතුම් පොදි ගිලිහෙමින් 
මළගමක ගීතයකි 
හිමි  හිමින් ලියන්නේ 
නොපෙනෙනා ඈතකට 
මගේ පන නල අරන්
කවුරුදෝ යන බවකි
මගේ සිත කියන්නේ ..

Wednesday, November 5, 2014

සිත පතුලෙ රැදුන
මතකයද රැගෙන
දුක නුබට පෙම් බදිමි
මම හොදයි නේද,,
පොද වැස්සෙ තෙමුන
කළුවරේ හැඩුව
මගෙ කදුළු සගවුවෙමි
මම හොදයි නේද ...
අනුන් සතු නුබට
පෙම් බැන්ද කලට
ලෝකයේ අපවාද
ලැබුණු දා මෙමට ..
තව නොහැක ඉන්න
සැගවෙමි දුරක
යලිදු කිසිදා නොඑමි
නුබ තුටින් ඉන්න..
කුරිරු වූ ලොවට
නොම කරමි වයිර
තුටු සිතින් හිනැහියන්
පෙර ලෙසින් නිතින..
අර බලන් අහසෙ
මැකෙන දේදුනුන්නෙ
සත් පාට සේදිලා
වැටෙනවා බිමට...

Monday, November 3, 2014

පිනිකට විසිරුණු සිතල උදයේ 
නුබේ හඩින් බිබිදුනු යාමේ 
දෑසේ නිදිගැට පිසදා හිනැහෙමි 
ආදරයෙන් සිත පිරුණු කලේ 
මගේ කදුලකට අරුතක් දුන් නුබ 
මගේම වෙනදා එළබි දිනේ
නුබේ නමින් යලි විකසිත වෙන්නම්
සුවද දිදී පෙම් උයන් තෙරේ....
දෑස නිදිගත් කලට පෙනෙනා 
සොදුරු සිහිනෙක පැටලිලා 
යොදුන් දහසක් දුර ගෙවා මන් 
ආවෙමි උණුසුම සොයා 
සීතලට ලං වෙන්න සිතමින් 
නුබ අසල දැවටුණු නියා
සොදුරු සිහිනය නපුරු කරමින්
දෑස් නින්දෙන් පිබිදිලා...

Monday, October 27, 2014

ගිනියම් යකඩයකින් 
ඔහු පසාරු කල මහද 
වේදනාවෙන් ඉකිගසා 
විලාප නගන සද ..
අමා ඔසුවක් වන්
නුබේ වදන් අබියස
බිදෙන් බිද සුවපත්
වන අරුමය
කෙසේනම් පවසම්ද
හදෙහි නැග එන ප්‍රීතිය ...
ඉතින් ඊට පසු
කැලුම් රිදවූ දේදුනුට
නව පණක් දුන් නුබට
තුති පුදා දස දහස් වර
ලියන්නට අවසරයි
පෙම් කවක් තුටු සිතින්
සත් පාට තවරා
අහස් ගැබ පුරාවට ......(දේදුනු සතුටින් )