Monday, November 10, 2014

නුබ පාවෙන කල
ඈතින් ඈතට
වාවනු කෙලෙසද
මගේ සොදුරු සිත
සගවනු නොහැකිව 
සිතෙහි උපන් දුක
නුබව සොයනවා
වැටෙන කදුළු කැට...
මතක මැවෙන විට
නෙත් මායිම වට
දුක නොදනේවිද
නුබේ සිත් අහසට
පසෙකට විසිකොට
අසරණ වූ සිත
නුබ සැග වෙනවද
ලස්සන හීනෙක ..
මගේ සිතට දුන්
හින පොකුරු ටික
හිමින් හිමින් නුබ
අරගෙන යනකොට
පොරකන සිතිවිලි
පේලි ගැහෙනවා
සුදු කොඩි රැදී මග
මලගම් යන්නට .....

1 comment:

  1. තනියම යන අද
    නුඹ නැති තනි මග
    සුවද දැනෙනවා
    පෙර හුරු විලසම
    නොලබෙන ඔබ ගැන
    සිහින මැවුව මම
    කෙළෙසක උසුලමි
    දැනෙනා තනිකම

    කවිය ලස්සනයි.මොකද්දෝ මහ හෙන පාළුවක්,තනිකමක් කවිය පුරාම පැතිරිල.

    ReplyDelete