Monday, September 22, 2014

                                                     නොමියෙන කදුල
                                          *(5 කොටස)*

පුජනිගේ ඇග හිරිවැටිල ගියා වගේ..හ්ම්ම්ම් එයා තාම ඇස් පිල්ලන් නොගහ බලන් ඉන්නේ පුජනී දිහා .කවුද මේ..මේ කෙල්ල දිහා බලන් ඉන්න අමුත්ත..පුජනී ලොකු අපහසු තාවයකින් මුනත් ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා.චාරු හිනාවෙනවා පුජනිට හරි තරහක් ආව චාරු එක්ක.ඔයාලට හිතෙන්නේ කවුද මේ පුජනිව අපහසු තත්වයක පත් කරපු කෙනා..හ්ම්ම් ..හිතන්නකො චුට්ටක්...මේ කෙනා ගැහැණු ළමයෙක්ද..?නැති නම් පිරිමි ළමයෙක්ද..?
         හිතා ගන්න බැරිව ඇතිනෙ මම කියන්නම්..එයාගෙ නම ආකාශ්...
ලස්සනයි නේද නම.හ්ම්ම් ඇත්තටම නම වගේම පාසලේ ඉන්න ලස්සනම බෝයි..ආකාශ් ..ඒ වගේම තමා පුජනීත්..ආකාශ් පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යයෙක් වගේම ශිෂ්‍ය නායකයත් වෙලා හිටිය.මුළු ගුරු මන්ඩලයම ආකාශ්ට පුදුම ආදරයක් තිබුනේ..ආකාශ් උපතින්ම දමිල ජාතිකයෙක්.එයාගේ පියා දමිල ජාතිකයෙක්.මව බර්ගර්.එත් බැලු බැල්මට කිසිම කෙනෙක් කියන්නෑ මේ කොල්ල දමිල කියල .රැලි ගැසුණු හිසකෙස්..දුබුරු පාට ඇස්..ලස්සන අහිංසක හිනාව..මේ හැමදේම ආකාශ්ට හිමි උනේ එයාගෙ අම්ම ගෙන්.අම්ම ආකාශ් වගේමයි..
ට්‍රින්...ට්‍රින්...ට්‍රින්....පාසලේ සීනුව නාද උනා.පුජනී නින්දකින් අවදි උනා වගේ සීනු හඩට ගැස්සිලා ගියා.ආකාශ් මේක දැක්ක එයා අහිංසක විදියට කට කොනකින් හිනා උනා ..පුජනිවත් ඇදගෙන චාරු ළමයි අතරින් එදිරියට ඇදෙන්න උනා.
චාරු,,හිමින් යමුකො මගේ අතත් රිදෙනවා මේකිට මාර විසයක්නේ...
මේ පුජ..ඉක්මනට නොගියොත් නො පලේස්..දන්නවනේ ..
හරි හරි ඉතින්..මන් නැ කිවුවද අත අතරින්නකෝ රිදෙනවා ..
පුජනී..පුජනී ...     කවුරු හරි පුජනිගේ නම කියල කතා කරා දෙන්නම පස්ස හැරිල බැලුව.ආ ..රෝහිනී මිස් 5 ශ්‍රේණියේ පංති බාර මිස්.පුජනිට ගොඩක් ආදරේ කරපු ගුරුතුමියක්.පුජනී ලස්සන හිනාවකින් මුව සරසගෙන හිටි තැනම නැවතුනා ,
ඔයා ආවද දරුවො..කොහොමද ඔයාට මට පේන්නෙ තවත් ලස්සන වෙලාද මන්ද මේ කෙල්ල ...
 පුජනිට ආපු ලැජ්ජාව යටපත් කරගෙන ඉක්මනින් පහත් වෙලා දන නමල ගුරුතුමියට වැන්ද .ගුරුතුමියත් එයාගෙ හිස අතගාමින් ආශීර්වාද කරා.
හරි දැන් යන්නකෝ පිට්ටනියට අපි පස්සේ කතා කරමු..
      එහෙම කියල රෝහිනී මිස් යන්න ගියා ..
අපෝ ඇති යන්තම්..ගැලවුනා .......චාරු පුජනිගේ කනට කරල රහසින් කිවුව..පුජනී කට තද අතින් වසා ගනිමින් හිනා වුනා.චාරුනිට එදා ඉදන්ම රෝහිනී මිස්ව හිතට ඇල්ලුවේ නැ.පුජනී ඒක දන්නව.හැමෝම පුජනිගේ දිහාමයි බලන්නේ.එදිරියට මුණ හැසෙන ගුරු මන්ඩලයේ හැමෝමත් පාසලේ අයියල, අක්කල,නංගිලා ,මල්ලිලා සියලුම දෙනා ඉතාමත් ඕන කමකින් තමයි එයා දිහා බැලුවේ.මේ අතර මද සිනාවක් පාමින් පාසලේ විදුහල්පති තුමා පුජනිවත් චාරුනිවත් පසු කරමින් ඉදිරියට ඇදුන.වෙනද වගේම මුළු ක්‍රීඩා පිට්ටනියම සුදුම සුදු පාට වෙලා. පුජනී අසාවෙන් බලන් හිටිය ඒ දිහා.
චාරු..කාටද අද පන්සිල් දෙන්න තියෙන්නේ.?
මට..ඒත් මන් ඊයේ පන්සිල් දුන්නනේ ඔයාගෙ දවසෙ ඔයා නැති නිසා..
දෙවියනේ..එතකොට අද මට යන්න වෙයිද ....
හ්ම්ම් මමත් හිතන්නේ එහෙම වෙයි වගේ ..
අයියෝ...මාර වැඩේ මට ලැජ්ජයි අනේ අදම යන්න ..
ඉන්නකො මම තරුෂි ගෙන් අහල එන්නම් අද යනවද කියල ..
හා අපි දෙන්නම යමු ගිහින් කියමු ...
       යාලුවෝ දෙන්න තරුෂි හොයාගෙන ගියා රැස්වීම පටන් ගන්න කලින් ඉක්මනට මේක විසදගන්න ඕනි..ආකාශ් බලාගෙන ලොකු කලබලෙකින් වගේ මේ යාලුවෝ දෙන්න දුවනවා.ඒ නිසාමයි එයත් ඒගොල්ලන්ගෙම පැත්තට ගමන් කරේ..එයා හිතුව කරදරයක් නම් මෙයාලට උදවු කරන්න..හ්ම්ම් මොකක් වෙයිද.?ආකාශ් පුජනිට උදවු කරයිද? තරුෂි පුජනී වෙනුවෙන් අද ඉදිරිපත් වේවිද ?නැතිනම් පුජනිටම යන්න වේවිද ? තවත් ප්‍රස්නයක් හ්ම්ම් අද කියන්න බැ.ඔයාලට සිතන්න තියල අදට මම සමු ගන්නව.6 වෙනි කොටසත් අරගෙන මම එනකම් ලස්සනට හිනා වෙලා සතුටින් ඉන්න ඔනී... 

                      

No comments:

Post a Comment