Saturday, September 27, 2014

                            නොමියෙන කදුල
                              *(6 වෙනි කොටස)*
               
        යාළුවො දෙන්නගෙ පසු පසින් ආකාශ් එන බව මේ දෙන්න දැනන් හිටියෙ නැ.එත් මේක දැක්ක තවත් එක්කෙනෙක් හිටිය කවුද එයා.හ්ම්ම් දන්නේ නෑ නේද?එයා රෝෂිනි පුජනීගේ නංගි එයා හොද සෝදිසියෙන් ඉනනේ තමන්ගෙ සොහොයුරිය ගැන.ආකාශ් එක්ක මොකක්දෝ ලොකු අමනාපයකුත් රෝෂිනිගෙ සිතේ තිබුන.ඒකට හේතුවක් නොතිබුනාමත් නෙමෙයි.මේ කතාව කියවගෙන යනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වේවි ඒකට හේතුව .මෙන්න තරුෂිව අල්ල ගත්ත දෙන්න .
තරූ මට ලොකු උදවුවක් ඕනි ඔයාගෙන් අනේ ප්ලීස් ..
මොකක්ද පුජ පුළුවන් දෙයක් නම් හා ..
අනේ කෙල්ලෙ අද මට පන්සිල් දෙන්න තියෙන්නේ එත් අද මට ....
ආ හරි හරි තේරුණා ඔයා කියන්නේ අද මට යන්න කියලනෙ නේද .?
අන්න හරි ඔය තේරුනේ මෝඩයට වගේ ..හි හි හි ..
මේ චාරු ඔයා නම් මොකියෙක්ද මන්ද ..,,
හරි හරි ඔයා කලබල වෙන්න එපා මම අද යන්නම්කො ඔයා හෙට යන්න.
  ඇති යන්තම් ඔන්න පුජනිගේ ප්‍රශ්නෙ විසදුනා .පපුවට අත තියල ලොකු හුස්මක් අරන් ලොකු ප්‍රශ්නයක් විසදුනා වගේ හිනා වෙලා පුජනී එයාගෙ හිත නිදහස් කර ගත්ත.තරුෂිගේ අතින් අල්ලන් එයාට නොසෑහෙන්න ස්තුති කරල දෙන්නම හැරුනෙ දෙන්න හිටපු තැනටම ආපසු යන්නයි.
ආකාශ්..ඔයා ..ඔයා ..මොකද මෙතන කරන්නෙ..
අනේ..අනේ ..ඔයාටත් අපේ පස්සෙන් එන්නේ නැතිවම බැ නේද..?
චාරු..ඔය කට පොඩ්ඩක් වහ ගන්නකො.....
   පුජනී චාරුගේ කනට කරල එහෙම කියල හිමිට චාරුගෙ අත කෙනිත්තුව.
අනේ නෑ මම දැක්ක ඔයාල දෙන්න කලබල වෙලා දුවනව.බැලුවේ ප්‍රස්නයක් නම් මටත් උදවුවක් කරන්න පුලුවන්ද කියල ..
   ආකාශ් එහෙම කියල පුජනිගේ මුණ දිහා බැලුව.පුජනිට ටිකක් ලැජ්ජයි වගේ ඔලුව උස්සල ආකාශ් දිහා බලන්න.ඒ නිසයි ඇය නිහඩ උනේ .ඒකටහරියන්න චාරුගෙ කට අඩු පාඩු නැතිව කියවන්න ගත්ත.
ආ..ඔවුනේ හි හි හි මේ පුජනිට ලොකු කරදරයක් උනානේ ..
ඇයි මොකද උනේ චාරු..කියන්න මට ඔයාලට උදවු කරන්න පුලුවන්ද බලන්න ,,
දැන් මේකනේ මෙකි මාසයක්ම නිදාගෙන ඉදල අදනේ ආවේ..ආව වෙලාවේ ඉදල මට මල වදේ අර වරක ගහේ ගෙඩියක් ඉදිල සුවදේ බැරිලු.ඉතින් මේ ගහට නග්ගන්න කෙනෙක් හොයනව වරක කඩන්න 
ඒකට කියාපු කෙනා ඔයා යමුද එහෙනම් ...
    චාරුණි එක හුස්මට කියවගෙන කියවගෙන ගියා..ආකාශ් විතරක් නෙමෙයි පුජනිත් කර ගන්න දෙයක් නැතිව වගේ ඒ දිහා බලන් හිටිය 
මේ චාරු ඔයා නම් ඉන්නවකො හොද වැඩක් කරන්නම් මම ..
හේ ..හේ ..හරි හරි මම ඒක ගැන සලකල බලන්නම්කෝ දැන් දෙන්නම යන්න ප්‍රින්සිපල් දැක්කොත් තුන් දෙනාටම වරක නෙමෙයි ගුටි කන්නයි වෙන්නේ ..
        පුජනී චාරුගෙ අතින් ඇදන් ආපහු හැරුන.චාරු ආකාශ්ට විරිත්තගෙන එතනින් පිට උනා.චාරුට කන් දෙක පිරෙන්න බැනුම් පුජනිගෙන්.ඒ උනාට චාරු ඒව පොඩ්ඩක්වත් ගණන් ගන්නෙ නැ.එයා පුජනිට ගොඩක් ආදරේ කරන ගොඩක්ම හොද යාළුවෙක්.දෙන්න එක්ක හිනා වේවි ආපහු ඇවිත් තමන්ට හිමි තැන සිට ගත්ත.
   උදෑසන රැස්වීමේ වැඩ කටයුතු සුදානම්.හැමෝම සුදානම් වෙන්නෙ.පන්සිල් ගන්නයි .සියල්ල අවසන් වෙන්න විනාඩි 45 වත් යනව.පුජනිවත්,චාරුනිවත් කැමැති නැ ගොඩක් වෙලා හිටගෙන ඉන්න එත් අනිවාර්යයෙන් සිටිය යුතුමනේ නේද ..?
ඉතින් ඔයාලට ගොඩක් හිතන්න දෙයක් නම් මම අද ඉතිරි කරේ නැ.
නමුත් මේ වගේම කතාවේ ලස්සන කොටසක් අරගෙන මන් එනකම් හිනාවෙලා සතුටින් ඉන්න ඕනි ...
,                                        

No comments:

Post a Comment