Sunday, September 14, 2014

                                                            නොමියෙන කදුල.
                                            ***(3කොටස)*


හිමින් හිමින් තමන් ඉදිරියට ඇදෙන රූපය දිහා පුජනී නැවතිලා බලන් හිටියෙ ලොකු කරගත්ත දෑස් යොමන්
අනේ අපේ සුදු නෝනව දැක්ක කාලයක් හප්පේ ..
කොහොමද මල් මාමේ ...මමත් මල් මාමව දකින්න ගොඩක් අසාවෙන් හිටියේ ..
පොඩි බෙබිගෙන් හැම දාම මම සුදු නෝනෙ ගැන අහනවා කිවුවේ නැද්ද .?
කිවුව..කිවුව ..මල් මාමව දැක්කේ නැති උනාට මන් හැමදාම මාමගෙ කට හඩ අහගෙන ඉන්නේ උදේට ..
ඉතින් සුදු නෝනෙ අපේ නෝනි තවත් ලස්සන වෙලා නොවැ..
හ්ම්ම් ඇත්තද මාමේ ඒ ගොඩක් කාලෙකින් දැක්ක නිසා වෙන්න ඇති..
                        මේ දෙන්නගෙ කතාව අහගෙන හිටපු රෝෂිනිට දැන් ටිකක් කේන්ති යාගෙන වගේ එන්නේ.මොකද මෙහෙම කතා කර කර හිටියොත් අද ඉස්කෝලෙ ගිහින් ඉවරයි ඒ නිසා රෝෂිනි දෙන්නගෙ මැදට පැන්න ඉවසල බැරිම තැන ..
අක්කි දැන් මදිද කතා කරා ඉස්කෝලෙ යන්න ඕනි නැතිද .?
හරි හරි නංගි යමු යමු...ඕකට කේන්ති ගන්නෙපා ..
හොදයි දරුවනේ එහෙනම් පරිස්සමට යන්නකෝ..මෙන්න සුදු නොනගේමල් මිටිය 
      එහෙම කියල මල් මාමා පුජනිට ලස්සන මල් පොකුරක් අතට දුන්න .මල් මාමා දන්නව පුජනී ආස කරන මල් මොනවද කියල දන්න කාලෙ පටන්ම පුජනිට සමීප උන තවත් චරිතයක්.සියදෝරි ..ගමේ හැමෝම මෙයාව හැදුන්නුවේ මල් මාමා කියන නමින්.මල් මාමාට දරුවො හිටියෙ නැ.එයාගේ බිරිදත් පිළිකාවක් හැදිල මිය ගිහින් තිබුනෙ මිට අවුරුදු ගානකට පෙරයි.එදා පටන් පිනට දහමට ලැදි ජිවිතයක් මේ මිනිසාට තිබුනේ,එයාගෙ ගෙදර වගේම ගමේ පන්සලෙත් මල් කොටුවක් මාමට තිබුන .හිමිදිරි පාන්දරින් නැගිටල එයාගෙ මල් කොටුවෙන් මල් ගොඩාක් කඩාගෙන පන්සලට යන්න මේ අපුරු මිනිසා අමතක කරේ නැ.ඒක එයාගෙ දින චරියාවේ කොටසක් වෙලා  තිබුණු දෙයක්. ඒ යන අතර මග පාසල් යන ළමයින්ට මල් මාමාගෙන් ලස්සන මල් ලැබුන .ඒ මල් ගත්ත එක්කෙනෙක් තමයි පුජනී .පුජනිට අනිත් හැමෝටම වඩා මල් මාම ආදරෙයි.අනිත් හැමෝටම නොලැබුණු ලස්සන සුවද මල් පුජනිට මාමගෙන් ලැබුන.රෝෂිනිට මේක මහා විකාරයක් විදියටයි පෙනුනෙ.මල් මාම මල් අරගෙන මුළු ගමටම ඇහෙන්න කවි කිය කිය එන එක රෝෂිනි දැක්කේ ලොකු පිස්සුවක් විදිහටයි.අද පුජනිට මොකුත් නොකීවේ මාසෙකට පසුව නිසා වෙන්න ඇති.නැති නම් පුජනිට කන් දෙක පිරෙන්න බැන බැන යන්නේ මේ කෙල්ල ..
                      මල් මාමගෙ මල් පොකුරත් තුරුළු කරගෙන පුජනී හිමින් හිමින් ඉදිරියට ඇදෙනව.ගමේ මිනිසුන් වගේම පාසල් යන ළමයිනුත් පුජනී දිහා හැරී හැරී බලනවා. පුජනිට ලැජ්ජාවක් එක්ක ලොකු නුහුරු බවක් දැනුන.පාසැල පේන මානෙට එනකොට පපුව ගැහෙන වේගය වැඩි වෙලා වගේ .පුජනී දැක්ක ඈත තියාම එයා දිහා බලන් ඉන්න චාරුණිව ...චාරුණි පුජනිගෙ හොදම යාලුව.
දෙවියනේ මගේ ඇග ගැහෙනවා වගේ මට මොකද මේ තරම් නුහුරු ඉස්කෝලෙට යන්න ...
     පුජනිට මොකද මේ වෙලා තියෙන්නේ ..අපි බලමු ඊලග කොටසින් පුජනී කොහොමද එයාගෙ යාළුවො අතරට යන්නෙ කියල නේද ..?ඉතින් මේ කතාවේ ලස්සන කොටසක් අරගෙන මම නැවත එන්නම් සතුටින් ඉන්න.......

No comments:

Post a Comment