Thursday, September 11, 2014

                                .....නොමියෙන කදුල......
                                   *** 2 (කොටස )
   

            පුජනී තාම හැඩවෙනවා .කොහොමත් පුංචි කාලෙ පටන්ම පුජනිගේ වැඩ හරිම පිලිවලයි.ඒක එයා උපතින්ම ගෙනාපු දෙයක් විදියටයි හැමෝම දැක්කෙ.රෝෂිනි ටිකක් දගයි.දෙන්නගෙ ගතිගුණ නම් ගොඩක් වෙනස්.රෝෂිනි ටිකක් තද හිතක් තියෙන කෙනෙක් උනාට පුජනී හරි ලාමක සිතක උරුම කම් ඇත්තියෙක්.

අක්කි තවත් ලස්සන වෙලා...අම්මි හිටියනම් අක්කි දිහා බලල ගොඩක් සතුටු වෙයි ...

පුජනී දිහා බලන් හිටපු රෝෂිනිට එහෙම හිතිල නිකම්ම හිල්ලුනා ...පුජනී හැරිල නංගි දිහා බැලුව ඉක්මනට 

ඇයි නංගි හුල්ලන්නෙ මොකද ඔයාට උනේ ..

නැ අක්කි මට අම්මි මතක් උනා ..
හ්ම්ම්ම්ම්ම් ...
පුජනිටත් ඉබේම හිල්ලුනා විතරක් නෙමේ පුංචි කදුළු කැට දෙකක් එයාටත් නොදනිම දෙකම්මුල් දිගේ ගලාගෙන ගියා ..හ්ම්ම් පවු අසරනියො දෙන්න අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම උණුසුමක් නැතිව හැදෙන තවත් දරුවො දෙන්නෙක් ...
සුදූ මොකද ළමයිනේ කරන්නේ අදත් ඉස්කෝලෙ යන්න අදහසක් නැතිද .?
මේ එනව ආච්චි.....
රෝෂිනි අක්කවත් ඇදන් සාලෙට දිවුව ..සේපාලිකා මල් පුජ කරල බුදුන් වැදල දෙන්නම හැරුනෙ ආච්චි දිහාට. මිදුලෙ ඇවිද ඇවිද හිටපු සීයත් එතකොටම ගෙට ගොඩ වැදුන.දෙන්නම පහත් වෙලා ආච්චිටයි සියටයි දන ගහල වැන්ද .සීය ඔලුව අත ගැව දෙන්නගෙම .
තුනුරුවන් සරණයි දරුවනේ ..සුදු ඔයා දැන් ලොකු ළමයෙක් තේරුනාද ..මන් ඔයාට කියල දුන්නනේ ජිවත් වෙන්න ඕනි විදිය ,ඒ විදියට හැදෙන්න පුතේ.....හොදයි ආච්චි...අපි යනවා එහෙනම් ...
කියාගෙන දෙන්න එක්ක මිදුලට බැස්ස  අක්ක නගෝ  යන දිහා ආච්චියි සීයයි බලන් හිටියේ ලොකු සතුටකින් කොපි මල් පිපුන පාර දිගේ නංගිගේ අතකින් අල්ලගෙන පුජනී හිමින් හිමින්  ඉදිරියට ඇදුන..
අක්කි අර අර බලන්න කවුද අතන ඉන්නෙ කියල ....
කෝ කොහෙද නංගි කවුද .?
අර පාලම ගාව ඉන්නේ..පේන්නේ නැද්ද ඔයාට ..
කෝ කෝ මට පේන්නැනේ ..අර මලින්දයි එයාගෙ නංගියි නම් ඉන්නවා ..
නැ අක්කි ඊට පිටිපස්සේ ඉන්නේ බලන්න හොදට ..
අනේ ....
පුජනිට පුදුම සතුටක් කාව දැකලද මේ සතුට කාවද රෝෂිනි පුජනිට පෙන්නුවේ..?තවත් ප්‍රස්නයක් තියල මන් දැන් යනවා ඊලග කොටස අරගෙන නැවත එන්නම් සතුටින් ඉන්න......

1 comment: