Sunday, September 28, 2014

                            නොමියෙන කදුල
                              *(7 වෙනි කොටස )*

   පැයකට ආසන්න වෙලාවකින් පසුව උදය රැස්වීමේ වැඩ කටයුතු නිමා වී සියලු දෙනාම තම තමන්ගේ පංති කාමර බලා පිටත් වෙමින් සිටියා.
පුජනී චාරු එක්ක පංතියට ගොඩ උන විගසම නැවත වතාවක් තරුෂිට ස්තුති කරන්න අමතක කරේ නැ.පුජනී පුටුව ඩෙක්ස් එක ලගට ඇදගෙන හරි බරි ගැහිල ඉද ගත්ත.චාරු ලගින්ම දෙන්න කොහේ ගියත් එක ලග තමයි ඒක පුංච් කාලේ පටන්ම පුරුද්දක් වෙලා තිබුන.බලන්නකො පුදුම යාළු කමක් නේද .?
චාරු මට පිස්සු වගේ අතපසු උන පාඩම් ගොඩයි නේද ..?
හ්ම්ම් එකනම් ඇත්ත පුජ එත් මම උදවු කරන්නම් හිමිට ගොඩ ගමු ..
හ්ම්ම්ම්ම් තෑන්ක්ස් කෙල්ලේ ..
    පුජනිට ගොඩක් සතුටු හිතුන.ඇත්තටම චාරුණි ගොඩක්ම හොද යාලුවෙක්.කවදාවත් පුජනිව අපහසු තාවයකට පත් නොකර හැම වෙලේම පුජනිට සහයට ලගින්ම හිටිය.උදෙන්ම තිබුනේ බුද්ධාගම විෂය 
එම විෂය බාර ගුරුතුමා පංතිය දෙසට පැමිණෙමින් සිටියා.ගුරුතුමාට ඉබේම බැලුනේ පුජනිගේ මුණ දිහා.පුජනී හිනා වුනා.ගුරුතුමාගේ මුනෙත් හිනාවක් ඇදුන.මැදි වියේ පසු වූ ගුරුතුමාට සැවොම ආචාර කරමින් තමන්ගෙ අසුන් වලින් ඉද ගත්ත.
                   උදය කාලයේ සියලුම විෂයන් නිම වෙලා ඉතිරිව තිබුනේ සංගීත විෂය පමණයි.පුජනිත් චාරුනිත් ගොඩක්ම අසාවෙන් ඉගෙන ගත්තු විෂයක් උනා සංගීතය..
පුජ ඔයාට කියන්න බැරි උනානේ..සුනිල් සර්ට හැමදාම උබව මතක් උනා
ඒ ඇයි ඒ ..
කවුද බන් දන්නෙ මියුසික් රූම් එකට ගිය ගමන් අහන්නේ කෝ අදත් පුජනී ආවේ නැද්ද ළමයො කියල ..
ඒක ඉතින් මන් නැති නිසා අහන්න ඇති ..
හ්ම් හ්ම් එහෙම වෙන්න ඇති ..
     පුජනිගේ මල්වර උත්සවයට පාසලේ ගුරු මණ්ඩලයටත් ආරාධනා ලැබිලා තිබුනේ.ගුරුවරු දෙදෙනෙකු හැරෙන්න අනිත් ගුරුවරු සියලුම දෙනා එයට සහබාගි උනා පුජනිට මතකයි .සංගීතය උගන්වන සුනිල් පෙරේරා සර් ඒ අතර සිටියා.සුනිල් සර් තමයි පාසලේ හිටිය ලා බාලම ගුරු තුමා.කාගෙත් සිත් ඇදගන්නා ලස්සන පෙනුමක් ඔහු සතු උනා.ඒ නිසා වෙන්න ඇති නැටුම් විෂය බාර රානි මිස් හැම වෙලේම ඔහු ගැන උනන්දුවක් දැක්වුයේ.ඒක මුළු පාසලේ හැමෝම දැනගෙන හිටිය .
නමුත් පුජනිට නම් හිතුනෙ සුනිල් සර් මිස්ව ඒ තරම් ගණන් ගත්තෙ නැ කියලයි.පුජනිට මතකයි එදා උත්සවේ දවසේදි මිස් සර් ලගින් ඉද ගත්තු වෙලේ සර් ඉතැනින් නැගිටලා ගිය හැටි.ඒක හැමෝම දැක්ක.මිස්ගෙ මුණ අදුරු වෙලා ගිය හැටි පුජනිට තවම මතකයි .
පුජ මොකද කල්පනාව යන්න අදහසක් නැද්ද ..
   චරුනිගේ කටහඩින් පුජනී පියවි ලෝකෙට ආවා ..ඉක්මනින් පොත් දෙක අතට ගත්තු පුජනී චාරුගේ පස්සෙන් වැටුනා.ආකාශ් ඈතින් ඉදන් පුජනී දෙස ඉතා ඕනෑකමින් බලාගෙන ඉන්නවා පුජනිගේ ඇස ගැටුනා .
නමුත් ඒක නොදැක්ක සේ පුජනී අඩිය ඉක්මන් කරේ සංගීත පංතිය දෙසට.මුව පුරා නැගුනු සිනහවක් සමග සර් පුජනී දෙස බලන් ඉන්නව.පුජනී වගේම චාරුනිත් අනිත් ළමයිනුත් දුටුවා.පුජනිගේ සිතට පුදුම අමුත්තක් දැනුනා වගේ.චාරුනිට ඒ බව පෙනුනා සියුම් කෙන්තියකුත් ඇති උනා ..
මල කොලමක්නේ හරියට සර් පුජගෙ දිහා බලන් ඉන්නෙ ජුහි චවුල එයාව හම්බ වෙන්න එනව වගේනෙ...
   චාරුණි තමන්ටම මුමුණ ගත්ත කේන්තියෙන් පුජනිට මේ ගැන කියවන්න ගියොත් අනිවාර්යයෙන් කෙල්ල අප්සට් යනව කියල චාරු දැනගෙන හිටිය .
  හ්ම්ම් ඉතින් අපි බලමු පුජනී මේ තත්වයට කොහොම මුහුණ දේවිද කියල ඊලග කොටසින් .අට වෙනි කොටසේ රසබර තැන් සමගින් මම එනකන් හිනාවෙලා සතුටින් ඉන්න ඕනි ..

No comments:

Post a Comment