Wednesday, September 10, 2014

                       
                                                       නොමියෙන කදුල
                                        **(1 කොටස )


    වෙනද වගේම නැවුම් දවසක ආරම්භය .අඩක් විවරවූ ජනේලය අතරින් උදා හිරුකන් මුලින්ම සිප ගත්තේ රෝෂිනිගේ දෙකම්මුල්.හ්ම්ම්ම් ..ඇය නිදිගැට හරිමින් ජනේලය අසලට පිය නැගුව වෙනද මුලින්ම මෙතැනට එන්නෙ පුජනී ඒ කියන්නේ රෝෂිනිගේ අක්ක අද පුජනී තවම නිදි ...අඩවන් වූ ජනෙල් කවුළු සියල්ලක්ම විවර කල රෝෂිනි හැරුනෙ පුජනිගේ පැත්තට ...

අක්කි නගිටිනවකෝ මදිද නිදා ගත්ත මාසයක්ම. ඉස්කෝලෙ යන්න අදහසක් නැද්ද අදත් ඔයාට ....
අනේ මට තව පොඩ්ඩක් ඉන්න දෙන්න නංගි කරදර නොකර මොකක්ද අනේ ....
        පුජනී තවත් ගුලි උනා පොරෝනය තුලට. මාසයක්ම ගෙදරට වෙලා ඉදල පුජනී කම්මැලි වෙලා. නමුත් අද ඇය පාසල් යා යුතුව තිබුන.,,,,,, හා ඉන්නවකො එහෙනම් මන් ආච්චිට කියන්න මෙයා ඉස්කෝලෙ යන්න බැ කියනව කියල ......රෝෂිනි බැන බැන එතනින් පිට උනා.රෝෂිනිගේ කේලම අහපු ආච්චි ආව පුජනිව හොයාගෙන ඊළගට ,,,,,,,,,,සුදු නැගිටින්න ළමයෝ දැන් ඔය මදිද නිදා ගත්ත ...යන්න යන්න මල් ටිකක් කඩන එන්න බුදුන් වදින්න ..මුණ කට හෝදන් ලෑස්ති වෙන්නකො ඉස්කෝලෙ යන්න හොද දු වගේ .........
අනේ ආච්චි මොකක්ද මේ කරදරේ නිදා ගන්නත් නැ.....පුජනී මැසිවිලි නගමින් අවදි උනා අන්තිමට .
                මොකද මේ කෙල්ල මේ තරම් කම්මැලි වෙලා තියෙන්නෙ පාසල් යන්න හ්ම්ම්ම් මන් දන්නව දැන් මේක ඔයාලට ප්‍රශ්නයක් නේද .?මන් කියන්නම් ඒකට හේතුව.පුජනී .රෝෂිනි අක්ක නගෝ දෙන්න මේ දෙන්නට දෙන්න පුදුම ආදරෙන් හැදුනේ එයාලගෙ අම්මගෙ තාත්තගෙ මල්ලිගෙ ගෙදර.මේ දෙන්නගෙ තාත්ත හිටියෙ නැ එයා ජිවත් වුනේ වෙනමම පවුලක.මේ දෙන්නව හදාගන්න අම්ම පුදුම දුකක් විදල බැරිම තැන මේ පුංචි කෙල්ලො දෙන්නව ආච්චිටයි සීයටයි බාර දීල විදේශ ගත වෙලයි හිටියෙ.ඒ අම්ම දරුවන්ව දාල  පිටරට රැකියාවක් කරේ මේ කෙල්ලො දෙන්නව කවද හරි ඉහලම තැනකට ගේනවා කියන දැඩි සිතිවිල්ලෙනුයි .හැමෝගෙම ආදරේ කරුණාව මැද මේ දෙන්න හැදුනෙ රෝස මල් දෙකක් වගේ කාලය ගෙවිලා ගියේ පුදුම වේගයකින් අම්මගෙ දුක් මහන්සියෙන් උපයල ලංකාවට මුදල් එවනකොට එයාලට අඩු පාඩුවක් තිබුනේ නැ.හැමදේම අම්ම එවුව මේ කෙල්ලො දෙන්නට.  බලාගෙන ඉදිද්දී පුජනී හැදුන ඇස්වහක් කටවහක් නැ දකින කෙනෙක් සැරක් නෙමේ දහ සැරයක් හැරිල බලන රුපයක් පුජනිට තිබුන.හැම ගැහැණු දරුවෙක් වගේම මිට මාසෙකට පෙර පුජනී වැඩි වියට පැමිණුනා.අම්මගෙ පැමිණීම බලාපොරොත්තුවෙන් ඇයට මාසයක්ම ගේ ඇතුලෙ ඉන්න සිදු උනත් අම්මට එන්න බැරි උනා.ඉතින් ඒ සියලු කටයුතු අවසානයේ අද ඇය හාපුරා කියල පාසල් යන්නයි මේ සුදානම..හ්ම්ම්ම් අපි බලමුකො ඉතින් ඊට පස්සේ මොකද වෙන්නෙ කියල නේද ,,?

6 comments:

  1. ඉතීම් එට පස්සේ මොකද වෙන්නේ කියල අපි ලබන සතියේ බලමු :3 :v

    ReplyDelete
  2. නියමයි...හොඳ ගමනක් යන්න ලැබේවා කියලා පතනවා.ජයවේවා

    ReplyDelete