Tuesday, September 16, 2014

                                                  නොමියෙන කදුල.
                                  ** (4 වෙනි කොටස)*


පුජනී රෝෂිනිගේ අත තද කරල අල්ල ගත්ත.රෝෂිනිට දැනුන තමන්ගෙ සොයුරිය අද ලොකු අපහසු තාවයකින් ඉන්න බව.නමුත් පුජනිගෙන් කිසි දෙයක් රෝෂිනි අහන්න ගියේ නැ.පුජනිටම මේ කුතුහලයෙන් මිදෙන්න දීල ඇය නිහඩ උනා.පුජනිට දැන් අවුරුදු 14 වෙනව.රෝෂිනි පුජනිට වඩා අවුරුදු තුනකින් බාලයි.
නමුත් සමහර අවස්ථා වලදී අක්කට වඩා මේ නංගි ගොඩක් බුද්ධිමත්.එයාගෙ වයසට වඩා සමහර දේවල් දකින්න බුද්ධිමත් කමක් රෝෂිනිට තිබුන කියල පුජනිත් පිළිගත්ත.දෙන්න හිමිට පාසල් ගේට්ටුවෙන් ඇතුල් වෙලා එදිරියට ඇදුන අක්ක නගෝ දෙන්න දෙසට හැමෝගෙම දෑස් යොමුවෙලා තියෙනවා දෙන්නම දැක්ක .
පුජ..පුජ..පුජ..අම්මේ මේකිගෙ ලස්සන මට ඉරිසියාවේ බැරියෝ ..
චාරුණි අතේ තිබුන ඉදල විසි කරල පුජනී ඉදිරියට දුවගෙන ආවේ එහෙම කියාගෙනයි.චාරුණි පුජනිගේ හොදම යාළුවා දුකට සැපට හැම දේකටම හිටපු හොදම යාලුව දුවගෙන ඇවිත් පුජනිව බදාගත්තා බොහොම ආදරෙන් .ඇත්තටම ඇයට පුදුම සතුටක් දැනුනේ පුජනිව දැකල .
අක්කි එහෙනම් හරිනේ ඔන්න ඔයාගේ බොඩි ගාර්ඩ් ඉන්නවා දැන් ඔයා එයාට බාරයි මන් යනව...
හරි හරි චුටි බෝලෙ ඔයා යන්න දැන් මෙයා මගේ ...........චාරු රෝෂිගේ කම්මුල මිරිකුවා එහෙම කියල චාරු රෝෂිට ආදරේට කිවේ "චුටි බෝලෙ"කියල ඒ නිසා රෝෂිට ගොඩක් අය ඒ නම කියන්න පටන් ගත්ත .මේකට රෝෂි පොඩ්ඩක්වත් කැමැති උනේ නැ.එත් චාරු ඒක නතර කරෙත් නැ.
මේ...චාරු අක්කි මන් ඔයාත් එක්ක තරහයි ..හොදද ...
අනේ එපා පැටියෝ ...මන් ඔයාට මෙච්චරක් අදරේයිනේ......හැමදාම වගේ චාරු විහිළු කරන්න ගත්ත .
අක්කි ඔන්න මන් ගියෝ ..පරිස්සමින් ඉන්න ...
     රෝෂි චාරුට දිව දික්කරල ඇද කරමින් පිටට එකක් ගහල එතනින් පැනල දිවුව .චාරුට ඒක නම් ටිකක් රිදිලා වගේ ,එත් මොනව කරන්නද පොඩි එකී හැමදාම ඔහොමයිනේ .චාරු ගණන්ගත්තෙ නැති උනත් .පුජට නංගි එක්ක පොඩි තරහකුත් අවා.මොකද නංගිගේ පාරවල් හරිම සැරයි.දවස් දෙකක් පුජනිටත් රෝෂිනි ගහල තියෙනවා රණ්ඩු වෙලා .කොහොම උනත් පුජනී චාරුගේ අතින් අල්ලගත්ත ..
සොරි කෙල්ලේ ...ඔයාට රිදුනද ,?
පිස්සුද පුජ මන් ඕව ගණන් ගන්නවද ඒකි මගේ චුටි බෝලෙනේ ...
අනේ උබටත් ලැජ්ජ නැ නංගි එක්කම එල්ලෙන්නේ ..
හා ..හ..හා ...අපි යමු දැන් පන්තියට වරෝ ...
        චාරු මහා හයියෙන් හිනා වෙලා පුජාවත් ඇදගෙන පන්තිය පැත්තට දුවන් ගියා ..හැමෝම බලන් ඉන්නේ පුජනී දිහා .පන්තියේ යාලුවෝ ඔක්කොම පුජනිව වට කර ගත්ත ,ප්‍රශ්න වැලයි .පුජනිගේ කන් දෙකම පිරිලා .
පුජනිට ගොඩක් ලැජ්ජ හිතුනේ එයා දිහා බලන් ඉන්න පිරිමි යාළුවො ටික දැක්කමයි .එයාල කටු කුටු ගානවා 
පුජනී දිහා බල බල මොනවදෝ කියනව.පුජනී හොරෙන් බැලුව ඒ දිහා .පුජනී ඉගෙන ගන්නේ ම්ශ්‍ර පාසලක වීම මේකට හේතුව උනා .පුජනිගේ පන්ති ශාලාවේ තව පංති තුනක් තිබුන .පුජනී හිට්යෙ හත ශ්‍රේණියේ .මෙහා කෙලවරේම පන්තියේ .ඊට පංති දෙක කට එහායින් එහා කෙලවරේම පන්තිය දහවෙනි ශ්‍රේණියේ කෙනෙක් ඉස්සි ඉස්සි පුජනී දිහා බලනව චාරු දැක්ක චාරු හිමිට පුජනිට ලංවෙලා ඇගිල්ලෙන් ඇනලා ඇහින් පෙන්නුවා ඒක පුජනිට .පුජනිගේ ඇස් ඉබේටම ඒ දෙසට යොමු උනා....
       හ්ම්ම්ම් ...කවුද මේ පුජනී දිහා ඕන කමින් බලන කෙනා ඔන්න ඔයාලට ඊලග කොටස එනකම් බලන් ඉන්න තවත් ප්‍රශ්නයක් තියල මන් යනවා ..පස්වෙනි කොටසෙන් හමුවෙමු මන් එකත් අරන් එනකම් හිනාවෙලා සතුටින් ඉන්න ඕනි ....

2 comments:

  1. oyage kathawa lassani. page eka harima lassanai oya mara dakhayekne. suba pathum.

    ReplyDelete